අද වෙනස්ම දෛනික ආසාදිතයින් ගණනක් වාර්තා වේ

By Sithumi Dec 13, 2021 04:03 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 195ක් වාර්තාවීමත් සමඟ අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 747ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබේ. එම මරණ ඊයේ (12) තහවුරුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. මියගිය අය අතර අවුරුදු 30-59ත් අතර 13දෙනෙක්,අවුරුදු 60 සහ ඊට වැඩි 13ක් සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් වේ.

ඉන් 14දෙනෙකු පිරිමි අය වන අතර ඉතිරි 13දෙනා කාන්තාවන්ය. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,641කි. 

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 552ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 573,454කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now