කොවිඩ් ආසාදිතයන් ගණන යලිත් වැඩි වේ

By Sithumi Nov 16, 2021 12:33 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 528 දෙනෙකු හදුනා ගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

තවත් කොරෝනා ආසාදිතයන් 429ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 524,740ක් දක්වා ඉහළගොස් ඇත. මේ වනවිට නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13,518ක් ලෙස වාර්තා වෙයි. 

 එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14,016ක් ලෙස වාර්තා වී තිබේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha