සති දෙකට එක් ප්‍රදේශයක ආසාදිතයින් 2 600 ඉක්මවයි
Corona virus
Covid 19
By Sithumi
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා පැවසුවේ පසුගිය සති 2ක තුළ පමණක් කොවිඩ් රෝගීන් 2,000 ඉක්මවා වාර්තා වු බවය. ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්‍රාථමික අංශ සිසුන් සහ ගුරුවරුන් බවද වෛද්‍යවරයා පැවසීය.
"ඔක්තොම්බර් මාසය තුළම වාර්තා වුණේ 2,800යි වාර්තා වුණේ. නමුත් මේ සති 2කට 2,650ක් වාර්තා වෙනවා. පාසැල් ප්‍රාථමික අංශ සහ ගුරුවරුන් මේ ආසාදනයට ගොදුරුවීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරනවා.
දිනකට අපි රැපිඩ් ඇන්ටිජන් 500ක් පමණ ලක් කරනවා. එයින් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ආසාදිත බවට වාර්තා වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |