ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි.

sri lanka Helth
By Sithumi Nov 09, 2021 02:15 PM GMT
Sithumi

Sithumi

Report

හිනිඳුම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරු 24නමකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවී ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

මේ අතර ගිංතොට, මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිදුකළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණයකදී සිසුන් 17 දෙනෙකු හා ගුරුවරියක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. 

මේ අතර කොවිඩ් වසංගත අවදානම හමුවේ ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණිමේදී සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ජනතාවගෙන් ඉල්ලති.  

ReeCha