අද දෙවන වතාවට වාර්තා වූ ආසාධිතයින් ගණන

corona virus sri lanka Covid patients
By Sithumi Oct 26, 2021 03:53 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 554ක්.

තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

එම මරණ ඊයේ (25) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,654කි. 

 එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.