අද වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් ගණනේ ලොකු වෙනසක්
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 563 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 219 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දින හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 782ක්.
තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත්ය. කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 477 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 477,851ක් දක්වා ඉහළගොස් තිබේ. තවත් කොරෝනා ආසාදිතයින් 563ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 521,781ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
