අද සම්පූර්ණ ආසාදිතයින් ගණන වෙනස් අගයක්

srilanka Corona virus Covid 19
By Sithumi Oct 02, 2021 02:28 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 855 ක්.

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද (02) දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ (01) දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය. 

අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ. 

 එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now