අද වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් ගණන

covid 19 Helth Crona virus
By Sithumi Oct 01, 2021 03:56 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ට අමතරව 249 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 893 ක්

තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (30) දින තහවුරු කර ඇත. එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 48 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ත් - 59ත් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සිටී. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද (01) දිනය තුළ සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ. දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha