අද සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල ලොකු වෙනසක්

Srilanka coroma virus
By Sithumi Sep 27, 2021 03:37 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 268 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. .

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 983කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 514,592ක් දක්වා ඉහළගොස් තිබේ. 

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 812ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 455,344ක් විය.

තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ 51ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now