අද කොවිඩ් මරණ අඩු වුණද ආසාදිතයන් වැඩි වේ. සිදුව ඇති දේ මෙන්න

covid19 deaths infection vaccinati
By Sithumi Sep 27, 2021 11:45 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 715 ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාක් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ 51ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now