අද මෙරටින් වෙනස්ම කොවිඩ් ආසාධිතයින් සහ මරණ ගණනක්

srilanka covid 19 Corrona virus
By Sithumi Sep 25, 2021 12:35 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින්  782 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 512,154ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා මරණ 79ක් වාර්තා වී ඇති අතර ඒ ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා මරණ ගණනයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12609 දක්වා ඉහළ ගොස් තිබේ

කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.  

තවද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 997 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 453,689ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now