මෙරට ආසාධිතයින් ගණන එකවරම වැඩිවේ.
අද දින මීට පෙර කොරෝනා ආසාදිතයින් 3588 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද (30) 371,992ක් ලෙස යාවත්කාලීක කර තිබේ.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් සූවය ලැබූ 14,394 අද දිනයේ දත්ත පද්ධතියට අලුතින් එක්කර ඇත.
මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය මෙරට වැඩි වශයෙන් පැතිර යාමක් දක්නට ලැබෙනවා, ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රත්නපුර – කලවාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 13කට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විටත් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කර තිබෙනවා. එහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදුකෙරුණා. වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ, කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවෙන බවද බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරනු ලබනවා.
ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |