මෙරට ඉතිහාසයේ දිනක වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් අද - රට වැසුවත් අවදානම් තත්ත්වයක්

Covid 19 Corona virua
By Sithumi Aug 26, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් ට පෙර හඳුනාගත් 3520 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉතා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු  කොරෝනා ආසාධිතයින් ගණන 4597 දක්වා ගොස් තිබේ.

එමෙන්ම ,

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15ක සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 195 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් වාර්තා තහවුරු කරයි. මේ අතර, කොවිඩ් ආසාදිතව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඉකුත් 24 වනදා නිවසට ගිය පුද්ගලයෙක් අද පෙරවරුවේ මරණයට පත්වී තිබුණි.   

මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයාට අද (26) පෙරවරුවේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

බණ්ඩාරවෙල කේෂන් වතුයායේ කොවිඩ් ආසාදිත පවුලක් නිරෝධායනයට යොමුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට පුද්ගලයෙකු, මරණීය තර්ජනය කළ පුවතක් වාර්තා විය. නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදෙන ආහාර මල්ල ලබාදීම ප්‍රමාද වූ බවට චෝදනාකරමින් එම පුද්ගලයා දුරකථනයෙන් තර්ජනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. 

 බණ්ඩාරවෙල පොලීසිය අද එහි ගොස් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට පැමිණි ප්‍රදේශවාසීන්ට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසාද නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now