තවත් එන්නත් තොගයක් දිවයිනට

Sri lanka covid vaccsine
By Sithumi Aug 07, 2021 11:28 AM GMT
Sithumi

Sithumi

Report

කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය මීට සුළුවේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

එන්නත් මාත්‍රා 728,000ක තොගයක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන ආ බව අප වාර්තාකරු පැවසීය.

එම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

ජපානය විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක තොගයක් ලබාදීමට එකඟත්වය පළ වී තිබු අතර, පසුගිය ජුලි මස 31 වන දා ද එන්නත් මාත්‍රා 728,460ක තොගයක් දිවයිනට රැගෙන ආවේය.

_________________________?????________________________

You may like this video

ලෝකෙ තියෙන හැම එන්නත් වර්ගයක්ම තියෙන රට ශ්‍රී ලංකාව ?