අද මෙරට covid ඉතිහාසේ අවදානම් දවසක්. අද සම්පූර්ණ ආසාදිතයින් සහ මරණ වාර්තාව මෙන්න.
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1928 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1010 ක් වාර්තා වී ඇති බවද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2938 ක්.
එමෙන්ම අද දිනයේ මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වුණා. ඒ මරණ 111 ක්. අද දිනයේ වාර්තා වාර්තාවූයේ ඊයේ දිනයට අදාළ මරණ වාර්තාවයි.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඒ අතර කාන්තාවන් 55 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 56 දෙනෙකුද සිටි ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 111ක් මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 90 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5222ක් වේ. රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
