පළමු වතාවෙම 2000 ට ආසන්නව ආසාදිතයින් වාර්තාවේ

corona sri lanka covid virus
By Sithumi Aug 09, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මුල් වතාවෙම කොරෝනා ආසාදිතයින් 1928  දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

එමෙන්ම කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි සති දෙක තුළ තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.

කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කළහොත් රටේ තත්ත්වය තීරණාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ. ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පැයක් තුළදී මෙරට සිදු වන මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වනවා.

ඉදිරි සති දෙකක කාලය තුළදී මෙරටින් වාර්තා විය හැකි කොවිඩ් මරණ සංඛ්‍යාව , ඉහළ යා හැකි බව අමෙරිකානු වොෂින්ටන් සරසවිය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක්වෙනවා. දෙසැම්බර් මස 01 වැනිදා වන විට මෙරට මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇතැයි ද, එය උපරිමය 23,000ක් දක්වා ඉහළ යා හැකි යැයි ද එම විශ්ලේෂණයේ සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now