ප‍්‍රකට රෙදිලිපිලි වෙලද සැලක ආසාදිතයන් විශාල පිරිසක්…
colombo
Covid 19
Isolated
Adaderana.lk
Vaccsinated
By Sithumi
කොළඹ නගර ශාලාව ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනයක කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.
එහි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මෙසේ ආසාදිතයන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වෙයි.
එමෙන්ම පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රැකියා සඳහා පැමිණීමට පළාත් අතර සංචරණ සීමා කිසියම් ලිහිල් කිරීමක් කර ඇතත් එම සහනය අවභාවිතා නොකරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය. පවතින තත්වය අනුව සෞඛ්‍ය ආරක්ෂක ලෙස කටයුතු කිරීමට පොලිසිය කියන තුරු සිටීමට අවශ්‍ය නැතැයිද යුද හමුදාපතිවරයා කීවේය
එතුමාගේ ප්‍රකාශය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |