දෙවන වතාවට අද එකවරම වාර්තා වූ ආසාධිතයින් ගණන
Sri lanka
covid 19
Isolated
Corona virua
By Sithumi
අද දින මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් එක්දහස් අටසිය විස්සක් හඳුනාගනු ලැබූ අතර මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් නවසිය හැත්තෑ හයක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2796ක්
එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිත ව ප්‍රතිකාර ලබන දරුවන් ප්‍රමාණයත් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය වරු කිහිප දෙනෙක්ම අනතුරු අඟවා තිබේ. එමෙන්ම corona virus තත්ත්වය තුළ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීම හේතුවෙන් එන්නත් ඉක්මනින්ම ලබාගන්නා ලෙසත් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස නිවෙස් වලින් අවශ්‍ය කාරණය කට හැර නිවසෙන් පිටව නොයන ලෙස ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.