ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්
Sri lanka
covid deaths
covid patients
corona virua
By Sithumi
කොරෝනා ආසාදනය වීමෙන් මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතවූවන් බවත්, ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් විකෘති කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න චෝදනා කළා.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 11,573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එය සදහන් වී ඇත්තේ රෝගීන් 8908ක් බැවින් දත්තවල පරස්පරතා පවතින බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |