කොවිඩ් සඳහාම වෙන්වූ තවත් රෝහලක් උපරිම ධාරිතාව ඉක්මවයි.

Sri lanka covid 19 ICU Homagama covid hospitals
By Sithumi Aug 08, 2021 03:45 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා අද (08)සඳහන් කළේය. වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවය.

"දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් වෙන්න මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. "

මේ අතර, කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාර තුළ කොවිඩ් ආසාදිත මෘතදේහ සහ පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කිරීමට නියමිත මෘතදේහ අද උදෑසන වනවිටත් එක් රැස්ව තිබුණි. රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මෘතදේහ එක්රැස්ව ඇති අයුරු අප ඊයේ (07) වාර්තා කළ අතර ඒ අනුව එම මෘතදේහ ඊයේ පස්වරුව වනවිට

මහර,වත්තල,බියගම,ජාඇල,කටාන හා මීගමුව යන ප්‍රදේශවල ආදාහනාගාර වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් බලධාරීන් සඳහන් කළේය. අවශ්‍යතාව මත ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ආදාහනාගාර වෙතත් එම මෘතදේහ යොමු කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now