ලංකාවේ කොවිඩ් සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් භයානක ප‍්‍රකාශයක්..

Sri lanka covid 19
By Sithumi Nov 21, 2021 06:07 PM GMT
Sithumi

Sithumi

Report

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොරෝනා රෝග සත්කාර සේවාවේ වෛද්‍ය කණ්ඩායම ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි

. ඉන් පෙනී යන්නේ වෛරසය මේ වන විට බොහෝ දුරට මෙරට සමාජයේ පැතිරී යාමක් බවද ඇය පැවසුවාය. මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරන්නේ මේ වන විට ලොව පුරා කොරෝනා 4 වන රැල්ලක් බිහි වී ඇති බවත් ඇතැම් රටවල් වසා දැමීමට පවා කටයුතු කර ඇති බවත්ය. 

මෙරට ද ජනතාව හැසිරීම් රටාව නිසි ලෙස පවත්වා නොගතහොත් මෙරටටද එම තත්ත්වය උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now