කොරෝනා මෘතදේහ ආදාහනයෙන් පසු අළු ප්‍රධාන ජල මාර්ගයකට

covid19 hatton funeral nowood kesel gamu oya
By Sewvandhi Jun 01, 2021 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි අදහනාගාරයේ මේ දිනවල අදහනය කරනු ලබන සිරුරවල මිනි අළු සහ දැවි ඉතිරි වන සිරුරු කොටස් එහි සේවකයින් විසින් අදහනාගාරය අසලින් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

නොර්වුඩ් අදහනාගාරයට මේ දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයන්ගේ සිරුර දිනපතා අදහනය කිරිමට රැගෙන එන බවත්,එම සිරුරු අදහනය කිරිමෙන් පසු එහි සේවකයින් විසින් ඉතා සුක්ෂම ලෙස අදහනය කල සිරුරුවල මිනි අළු සහ ඉතිරිවන සිරුර කොටස් කෙසෙල්ගමුඔයට බැහැර කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිවාසින් කිහිප දෙනෙකුද සිය විරෝධය දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් අප එම අදහනාගාරයේ භාරව සිටින සේවකයෙකුගෙන් කල විමසුමකට එම සේවකයා කියා සිටියේ හින්දු භක්තිකයන්ගේ සමාන්‍ය මරණවල සිරුරු අදහනය කර එම සිරුරු වල මිනි අළු ඔහුන්ගේ ඥාතින් වෙත භාර දිමෙන් පසු එම ඥාතින් විසින් එම මිනි අළු හින්දු චාරිත්‍ර අනුව කෙසෙල්ගමුඔයේ දිය කරන බවයි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය යන අයගේ අදහනය කිරිමෙන් පසු ඉතිරිවන මිනි අළු සහ සිරුරු කොටස් අදහනාගාරය අවට වලක් කපා එහි වල දමන බවයි . ප්‍රදේශවාසින් චෝදනා කරන පරිදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයගේ අදහනය කරන අයගේ සිරුරු වල මිනි අළු සහ සිරුරු කොටස් කෙසෙල්ගමුඔයට බැහැර නොකරන බවයි.

අදහනාගාරයට පහලින් කාසල්රි ජලාශය වන තෙක් නොර්වුඩ් ප්‍රදේශවාසින් රැසක් කෙසෙල්ගමුඔයේ ජලය දෛනික කටයුතු සදහා භාවිතා කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now