මෙරට සතුන් ගෙන් කොරෝනා බෝවීම ඇත්තක් ද?බොරුවක් ද?(VIDEO)
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරෝනා වැළඳීම සමග සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් සිදුකර තිබෙන පර්යේෂණයන්ට අනුව සතුන් ගෙන් වෛරසය ආසාදනය වන බවට මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා, “පශු වෛද්‍ය පීඨයේ අණුක විද්‍යා සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය ඩිලාන් සතරසිංහ මහතාගේ යටතේ දැනට මෙම PCR පරීක්ෂණ කෙරීගෙන යනවා.
ජනතාවට දියයුතු පණිවුඩය තමයි තමුන්ගේ නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වෙලා නෑ.
නමුත් පරීක්ෂණ කෙරීගෙන යනවා මේ අතර ඉන්දියාවේ චෙන්නායි හි සත්ත්වෝද්‍යානයක සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව අද වාර්තා විය.
සතුන්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ පළමු සිදුවීම මෙයයි.
මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව ප්‍රමුඛ වෛරස ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.
එම ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අධික වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වී තිබෙන බවත් ඊට එරෙහිව විවිධ එන්නත්වල ඵලදායිතාව තීරණය කිරීම සඳහා සංවිධානයට වැඩි දත්ත අවශ්‍ය බවත් ඇය සඳහන් කර තිබුණි.
මේ ඇතුළු දවසේ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |