මෙරට පැතිරෙන දරුණු කොරෝනා ප්‍රභේදයකින් ගැලවෙන්න කළ යුතු දේ මෙන්න.

Corona Sri Lanka Covid delta
By Aruna Aug 31, 2021 12:48 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්‍ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කරනවා.

කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්‍රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්‍ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්‍රභේදවලටත් එන්නත් මගින් ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇගේ අදහසයි.

එමෙන්ම කොවිඩ් වෙනස් ප්‍රභේද පැමිණියත් වර්තමානයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රම ඒ සඳහා ද යොදාගැනීමේ හැකියාව ඇතැයි ද ඇය පවසනවා.

විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි.

මේ සඳහා දැනට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය බව කී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය එන්නත ලබාගැනීමෙන් වයිරසය ආසාදනයවීම අඩුවීම, එන්නත් දෙකම ලබාගත් පසු වයිරසය ආසාදනය වුවත් සංකූලතා විශාල ලෙස අඩුවීම, සංකූලතා ඇතිවුවත් මරණයට පත්වීමේ හැකියාව අඩුවීම සහ එන්නත ලබාගත් අයකුගෙන් තව කෙනෙකුට වයිරසය ආසාදනයවීම අඩුවීම යන වාසි සැලසෙන බව ද සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now