මෙරට Covid මරණ 15,000 ඉක්මවයි..අද දින වාර්තාව..

By Sewvandhi Jan 02, 2022 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,019කි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 224 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,949ක් දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now