Covid මරණ වල වැඩි වීමක්...යළිත් අනතුරු ඇඟවීම්
මෙරටින් තවත් කොරෝනා මරණ 21ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 28 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 7ක් සහ පිරිමි පුද්ගලයන් 14ක් වනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14944ක් ලෙසටයි.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 210 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 560085ක් ලෙසටයි.
තවත් ආසාදිතයන් 10756ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 585764ක්.
දෙසැම්බර් 01 වනදා සිට 14 වනදා දක්වා වාර්තා නොවූ ආසාදිතයන් 1178ක් තහවුරු කිරීමත් සමගයි සමස්ත ආසාදිතයන් ගණන 585,764ක් දක්වා ඉහළ ගියේ.
මෙරට කොරෝනා මරණ 14923ක් ද සිදුව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |