Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.

By Sewvandhi Dec 22, 2021 12:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කරන ලද මෙම මරණ 16ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14811ක් දක්වා ඉහළ යනු ඇති.

මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙකුගේ මරණයක් වනවා. 

 අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් 3දෙනෙකු වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 11ක් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ පිරිමි 6ක් සහ කාන්තාවන් 5ක් වශයෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now