කොරෝනා මරණ වලට සහනයක්. මෘතදේහ ගොඩ ගැහෙයි. කඩිනමින් ආදාහනයට පියවර

covid 19 Gampaha Sri lamka
By Sithumi Aug 08, 2021 11:48 AM GMT
Sithumi

Sithumi

Report

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) දැනට පවතින කොවිඩ් මෘත දේහ කඩිනමින් ආදාහන කටයුතු සිදු කිරීම හා නැවත ප්‍රමාදයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

ඒ අනුව රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ආදාහන කටයුතු ප්‍රමාද වෙමින් පැවති කොවිඩ් මෘත දේහ 26 ක් කඩිනමින් මහර, වත්තල, බියගම, ජා ඇල, කටාන හා මීගමුව යන නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කරනු ලැබීය. මෙය අතිශය මානුෂීය කරුණක් වන බැවින් හා ඔවුන්ගේ ඥාතීන් අපහසුතාවවට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරනු ලැබේ.

එම බල ප්‍රදේශවල නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත. කොවිඩ් හේතුවෙන් මිය යන අයගේ ආදාහන කටයුතු ප්‍රමාද නොවන පරිදි හා මෘත ශරීරාගාරයේ මෘත දේහ තැන්පත් කළ හැකි සීමාව ඉක්මවා නොයන ලෙස පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට මෙහිදී තීරණය විය. ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ආසන්නයේ ඇති මහර, වත්තල, ජා ඇල, කටාන, බියගම, මීගමුව නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටා ඇති ආදාහනාගාර තුළ කොවිඩ් මෘත දේහ ආදාහන කටයුතු සිදු කරලීමටත්,

අවශ්‍යතාවය මත ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආදාහනාගාරත් යොදා ගැනීම සඳහා අදාළ සම්බ්න්ධීකරණ කටයුතු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහායෝගය ලබාදීමට මෙහිදී තීරණය කරනු ලැබීය.

එමෙන්ම