තවත් මෝචරියක් කොවිඩ් මරණ වලින් පිරී යයි

sri lanka Sri lanka Covid deaths
By Sithumi Aug 07, 2021 10:51 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටී. 

 මේ වන විට එහි 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇතැයිද වාර්තා වෙයි.

රට පුරා රෝහල් කිහිපයකම මෘත ශරීරාගාර සිය ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවද වාර්තා වෙයි.

ඊට අමතරව රෝහල් කිහිපයකම රෝහල් ධාරිතාවයද ඉක්මවා ගොස් තිබුනා.  මීට හේතුවී ඇත්තේ රට පුරා ඉතා වේගයෙන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක ගණනාවකින්ම හදුනාගෙන  තිබීමයි.

පැතිරීම වේගවත් බැවින් එන්නත් ඉක්මනින්ම ලබා ගන්නා ලෙසත් එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසත් අත්වශ්‍ය කාරණයකට හැර බැහැර නොයන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව අද වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.


GalleryGalleryGalleryGalleryGallery