covid මරණවලින් ලංකාව අංක එකට - තවත් අවදානම් තත්ත්වයක්

Covid 19 covid deaths South Asia
By Sithumi Aug 20, 2021 06:00 PM GMT
Sithumi

Sithumi

Report

 දකුණු ආසියානු කලාපයේ දෛනික covid මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්‍රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා.

ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්.

ඒ අනුව ඊයේ දින මෙරටින් ප්‍රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්.

මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට කරන එකකි . ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන දෙවැනි සහ තුන්වන ස්ථානයේ පසුවන රටවලටද වඩා ඉතාමත් ඉහළ අගයක් ගනී.

මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. අසල්වැසි රට ඉන්දියාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 4 හතරවෙනි ස්ථානයේ. ඔවුන්ගේ දෛනික කොවිඩ් මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට 0.4 ක්.

ඔවුන්ගේ දෛනික මරණ ගණන 559ක්. දකුණු ආසන්න කලාපයේ දෛනික කොවිඩ් මරණ අනුව පස්වන සහ 6 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයයි.

ඔවුන්ගේ දෛනික මරණ සමස්ත ජනගහනයෙන් මිලියන එකකට පිළිවෙලින් 0.3 ක් සහ 0.2 ක්. දකුණු ආසියාවේ 7 සහ 8 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් මාලදිවයින සහ භූතානයයි. එම රටවලින් අවසන් දෙන 19ක කාලයක් තුළ මරණ වාර්තා වී නොමැති අතර රට තුළ සමස්ත මරණ ගණන 3කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now