කොවිඩ් මරණ වාර්තා වීමේ දැඩි වෙනසක්
corona virus
Covid deaths
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා අසාදිත මරණ 23ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් හඳුනාගත් මුළු කොරෝනා අසාදිත මරණ ගණන 13 507 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 467 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 492,975ක් දක්වා ඉහළගොස් තිබේ.