අද වාර්ථා වූ කොවිඩ් මරණ ගණන

covid19 infection death vaccination
By Sithumi Oct 01, 2021 12:00 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (30) දින තහවුරු කර ඇත.

එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 48 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ත් - 59ත් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සිටී.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද (01) දිනය තුළ සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ. දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි.

රට තුළ පැවැති කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (30) නිකුත් කර තිබුණි. නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now