අද මෙරටින් වාර්තා වූ මරණ ගණන
Srilanka
Corona virus
covid 19
By Sithumi
ඊයෙ 27 මෙරටින් කොරෝනා ආසාදිත මරණ 54 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12786 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 27 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 29ක් වනවා.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 06ක් සහ පිරිමි පුද්ගලයන් 05ක් වශයෙන්.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 20ක් සහ පිරිමි පුද්ගලයන් 19ක් මෙම මරණ 55 අතර වනවා.
අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |