සම්පූර්ණ මරණ 10,000 ට ආසන්න වේ. - අද වාර්ථා වූ සම්පූර්ණ ආසාදිතයින් සහ මරණ ගණන .

Corona virus Covid 19 Sri lanka
By Sithumi Sep 03, 2021 03:10 PM GMT
Sithumi

Sithumi

Report

අද මෙරටින් කොරෝනා ආසාදිත මරණ දෙස දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබේ.

ඒ ඊයේ මෙරටින් දිනාගත් කොවිඩ් මරණයි .

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 9806 දක්වා ඉහළ ගොස් තිබේ .

ඊයේ මෙරටින් 30 ට අඩු මරණ 5 ක් වාර්ථා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ නිවේදනය පහතින් .

එමෙන්ම,

මීට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 864 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3644 දක්වා ඉහළ ගොස් තිබේ ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 450,537ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,998 ක් අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 381,030 ක් බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery