ඉතිහාසයේ දරුණුතම කොවිඩ් මරණ වාර්ථාවක් අද නිකුත් කරයි - මරණ වල විස්තර

Corona virus Covid 19
By Sithumi Aug 28, 2021 03:01 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 212ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මේ දක්වා හදුනාගත්  මුළු කොරෝනා ආසාදිත මරණ ගණන  8583 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 212න් 109 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 103දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 173 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තා‍වක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 37 දෙනෙක් අවුරුදු 30 - 59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ නිවේදනය පහතින්.

එමෙන්ම අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3764 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ 2,203 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළගොස් ඇති බවය

කුඩා දරුවකු කාඩ්බෝඩ් අතර සැඟවී සිටියදී ලොරියක් රට කරගෙන ගිය හැටි ( සංවේදී අය නැරඹීමෙන් වලකින්න )



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery