මරණ අර්බුධය තවත් උඩු දුවයි, ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන් – නවතම දත්ත වාර්තාව මෙන්න
Sri lanka
Isolated
Who
By Sithumi
ජනගහණයට සාපේක්ෂව ලෝකයේ සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය අතින් ලෝකයේ සියලු රටවල් අභිභවමින් ශ්‍රි ලංකාව පලඹු තැනට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
අගෝස්තු මස 08 වැනිදා (ඊයේ) දත්ත මත පදනම් කරගෙන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් විසින් සකසන ලද කොවිඩ් 19 දත්ත විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්නේ පුද්ගලයන් මිලියනයකට දක්වන වැඩිම මරණ අනුපාතිකය ශ්‍රි ලංකාවෙන් වාර්තා වන බවය. එය පුද්ගලයන් මිලියනයකට මරණ 4.06ක් ලෙසිනි.
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ දත්ත වාර්තා අනුව දෙවැනියට වැඩිම මරණ අනුපාතිකය පෙන්නුම් කරන්නේ ඇමෙරිකාවයි. එය 1.55කි.
ඒ අනුව දෙවන ස්ථානයත් පළමු ස්ථානයත් අතර පරතරය ප්‍රතිශතයක් ලෙස සියයට 296කි.
