මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් මරණ 200 ඉක්මවයි. සමස්තය 8000 ට වැඩිවේ

Corona virus covid deaths
By Sithumi Aug 26, 2021 04:48 PM GMT
Sithumi

Sithumi

Report

එදින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 209 ක් වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ 8157 ක්.

එමෙන්ම මෙරටින්  තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා කළ මරණ 209 ලෙසටයි සැලකෙන්නේ.

මීට පෙර එක් දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වූයේ 198ක්

 මරණ වල තොරතුරු ඇතුළත්   රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් ට පෙර හඳුනාගත් 3520 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉතා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 4597 දක්වා ගොස් තිබේ.

Gallery