කොරෝනාවෙන් මිය යන අයට රජයෙන් ලැබෙන දේ මෙන්න.

Corona Sri Lanka Covid death Bandula gunawardhene
By Aruna Sep 13, 2021 03:20 AM GMT
Aruna

Aruna

Report

 රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප්‍රථම අදියරේදී ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබේ.

සබරගමුව 488 ක්,වයඹ 391 ක්,මධ්‍යම 260 ක්,ඌව 171 ක්,දකුණ 537 ක්,උතුරු මැද 100 ක්,බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා මෙම මුදල ලබා දී ඇත.

අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දෙන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha