මෙරට ප්‍රභලයෙකුගේ බිරිඳ සහ පුතා කොරෝනා ආසාදිතව මිය යයි..(PHOTO)
පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ බිරිය හා එක ම පුතු කොරෝනාවෛරසය ආසාදනයවී මියගොස් ඇතැයි බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වයස අවුරුදු 57 හා 26ක් වන එම දෙදෙනා මියගොස් ඇත්තේ දින අටක කාලයක් තුළදීය.
බොරලැස්ගමුව, රත්නපිටිය, දිවුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සහකාර පොලිස් අධිකාරිවරයාගේ බිරිය මීට දින 8කට පෙර මියගොස් ඇති අතර අනතුරුව එම දිනවල ම සහකාර පොලිස් අධිකාරිවරයා සහ පුත්‍රයා ආසාදිත වී ඇති බව එම කාර්යාලය කියයි.
ආසාදිත පුතු වේරහැර කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (අගෝ. 30) මියගොස් ඇතැයි එම කාර්යාලය කියයි.
ආසාදිත සහකාර පොලිස් අධිකාරිවරයා මේ වනවිට කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
කොරෝනා ආසාදිතව මියගිය සහකාර පොලිස් අධිකාරිවරයාගේ බිරියගේ හා පුතුගේ අවසන් කටයුතු දෙහිවල ප්‍රදේශයේ ආදාහනාගාරයකදී සිදුකළ බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
