කොරෝනා සමග තවත් ලෙඩ නවයක්..!

covid19 Jayawardhanapura university Chandima Jeewandhara breathing problems
By Sewvandhi Oct 04, 2021 12:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් රෝගයට ගොදුරුවූ පුද්ගලයන් අතරේ දිගුකාලීනව දක්නට ලැබෙන රෝග ලක්ෂණ (පසු බලපෑම් )නමයක් නව අධ්‍යයනයකින් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

කොවිඩ් රෝගයට ගොදුරුවු පුද්ගලයින් අතරේ මෙම දිගුකාලීන රෝග ලක්ෂණ දින 90ත් 180ත් අතර කාලයේදී මතු විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජීවන්දර මහතා සඳහන් කරන අන්දමට කොවිඩ් රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට දිගු කාලීනව ඇතිවන රෝග ලක්ෂණ වන්නේ,

  • අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම
  • උදර රෝග ලක්ෂණ
  • මානසික අවපීඩනය
  • පපුවේ සහ උගුරේ වේදනාව
  • සංජානනීය ගැටළු
  • තෙහෙට්ටුව
  • හිසරදය
  • මාංශපේශී වේදනාව සහ
  • වෙනත් වේදනාය

එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය ඇතිවීම සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙයි . මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන බවත් දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් විය හැකි බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now