කොවිඩ් මර්දන කමිටුව යළිත් අවදානමක- රටත් අනතුරේ .

Bandula gunawardhana dalas alahapperuma
By Sithumi Aug 28, 2021 04:54 PM GMT
Sithumi

Sithumi

Report

වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වී සිටි අතර ඔහු ආසාදිත බව හදුනා ගන්නා ලද්දේ පස්වරුවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම හමුදාපති පොලිස්පති ඇතුළු ප‍්‍රධානින් පිරිසක් සහභාගී වී සිටියහ. මේ හේතුවෙන් කොරෝනා මර්ධන බලකාය අවදානමකට ලක්ව ඇතැයිද වාර්තාවේ දැක්වෙයි. තමන් කොරෝනා පරීක්‍ෂාවට ලක් වූ බවත් ආසාදිත නොවූ බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now