පක්‍ෂ මූලස්ථානයේ කොරෝනා පොකුරක්…
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පෙර අසාදිතයන් 02 දෙනෙකු හමුවිම නිසා එම මුලස්ථානයේ 13 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට භාජනය කල බවත්,ඉන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.
නව අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතයන් 06 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
එමෙන්ම ඊයේ(08) දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2956 ක්.පෙරේදා දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2796 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනු ලැබුවා.
ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 293,357ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |