දැඩිසත්කාර ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන භාවිතය ඉහළට(VIDEO)
පසුගිය සතියට සාපේක්ෂව කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩිසත්කාර ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන භාවිතය ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මෙරටින් ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 2,859 හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 608 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
දෙවනුවට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 547ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ රෝගීන් 447 දෙනෙකු පමණයි. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 143 දෙනෙකුත්, කෑගල්ලෙන් 136 දෙනෙකුත්, මහනුවරින් 108 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.
මේ අතර දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොරෝනා පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සදහන් කළේ සෞඛ්‍ය වෘත්තීය සංගම් කිහිපයකින් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් හා අනෙකුත් උපදේශකයින්ගේ එකමුතුවෙන් කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා සහ රජය සංචරණ සීමා පැනවීමට ගත් තීරණය අගය කරන බවයි.
එමෙන්ම රුපියල් පන්දහසේ දීමනාව අනිද්දා සිට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. ඊට අදාළ තොරතුරු ලබාගැනීම ඇතුලු මූලික කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
එසේම හෙට සිට ගුවන් තොටුපල විවෘත කිරීමට ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කළා. ඒ ජාඇළ ප්‍රදේශයේදියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |