බන්ධනාගාර පොකුරක් හදලා
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාර ගතව සිට පැමිණ දින තුනකට පසු සෙල්ල කතගරම පුද්ගලයකුට දින තුනකට පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා ඔහුගේ ආශ්‍රිත නිවාස 100ක් පමණ පිරිස නිරෝධායනයට කළ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක සමන් දිසානායක මහතා පවසයි.
බන්ධනාගාර ගතව සිටි මෙම පුද්ගලයා ඉකුත් 23 වැනි දා නිදහස ලබා සිට නිවෙසට පැමිණ ඇති අතර බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට පෙර ඔහු පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර ඇති බව එහි වාර්තා ලැබී ඇත්තේ දින තුනකට පසුව ඉවත් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
හිරොන් නිදහස ලැබූ එම පුද්ගලයා සිය නිවෙසට පැමිණ නෑ හිතමිතුරන් සමග ප්‍රිති වී ඔවුන් සමග සාද පවත්වා ඇති බවත් ප්‍රදේශයේ පැවැති අවමගුලකට හා පිංකම් ගෙදරකට සහභාගී වි ඇතැයි ද ඔහු පවසයි.
මෙම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී බවට ඉකුත් 26 වැනි දින අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙනවිට විශාල ව්‍යාසනයක් සිදුවී ඇතැයි ද සමන් දිසානායක මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |