Covid මරණ වෙනස්ම ගණනක් වාර්ථා වෙයි..

By Sithumi Dec 31, 2021 11:54 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට අද (31) දිනයේදී පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,979 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 181 දෙනෙකු අද (31) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,494ක් දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now