ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනෙක් මිය යයි...

By Sithumi Dec 28, 2021 12:12 PM GMT
Sithumi

Sithumi

Report

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනෙක් වන ජීන්-මාර්ක් සහ ආචාර්‍යා රවී මියගොස් තිබෙනවා. ජීන්-මාර්ක් මිය යන විට ඔහු 58 වැනි වියේ පසුවුණා.

කැ‌නේඩියානු ජාතිකයෙකු වූ ජීන් මාර්ක් විසින් අධ්‍යක්ෂණය කළ බ්ලැක් ලිස්ට් (Black List) චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වූ අතර Dallas Buyers Club චිත්‍රපටය ද බෙහෙවින් ප්‍රේක්ෂක ජනප්‍රියතාවයට පත්විවුණා.

මේ අතර ෂාජහාන් චිත්‍රපටය හරහා දමිළ සිනමාවේ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රසිද්ධියට පත් වූ ආචාර්‍යා රවී හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා. රවී 'සේතු' චිත්‍රපටයේ අධ්‍යක්ෂක බාලාගේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර පසුව විග්නේෂ් ප්‍රධාන චරිතය රඟපාමින් 'ආචාරියා' අධ්‍යක්ෂණය කළා.

මෙම චිත්‍රපටය හරහා ඔහු ආචාර්‍ය රවී නමින් ප්‍රසිද්ධ විය. 2001 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද විජය රංගනයෙන් දායක වූ ෂාජහාන් චිත්‍රපටය රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය විය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු පසුගියදා මදුරෙයිහි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබු අතට අද උදෑසන මිය ගොස් තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now