කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

covid19 deaths infection vaccination
By Sewvandhi Oct 05, 2021 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත්ය.  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 477 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 477,851ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 563ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 521,781ක්.

==========================

ඉදිරි සතිය තීරණාත්මක ඇයි? GMOA පැහැදිලි කරයි.-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now