අද දිනයේ covid මරණ වෙනස්ම අගයක

curfew covid19 infections deaths vaccination
By Sithumi Sep 16, 2021 01:00 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් මරණ 118 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (15) දින තහවුරු කර ඇති එම මරණ 118 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,336 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 428,590ක් දක්වා ඉහළගොස් තිබේ

මේ අතර,මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ (15) සවස අනතුරකට ලක්වී තිබුණි.

ඒ මුලතිව් කෝකිලායි ප්‍රදේශයේදී එම රථය පෙරළීයෑමෙනි. අනතුරින් ලොරි රථයේ ගමන්ගත් රියදුරු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කෙරුණි.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ යථාතත්ත්වයට පත්කර වෙනත් රියදුරෙකු සමග දේහය ආදාහනය සඳහා යොමු කර තිබුණි.

මුලතිව් ප්‍රදේශවාසීන් පවසන්නේ මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වෙත විදුලිබලයෙන් ක්‍රියා කරන ආදාහනාගාර නොමැති බැවින් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ වව්නියාව, යාපනය හෝ ත්‍රිකුණාමලය දක්වා රැගෙන යෑමට සිදුවී ඇති බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now