මෙතෙක් ඉතිහාසයේ වැඩිම මරණ අද - දරුණු ලෙස වැඩි වේ! අද මුළු ආසාදිතයන් සහ මරණ ගණන
ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ 215ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 9,400දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..
මේ අතර,අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,884ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 944 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 3,828ක්.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2060 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 376216ක් ලෙසටයි.
මේ අතර, වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24වනදා පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 30 දෙනාගෙන් මෙලෙස 28 දෙනෙකුම කොවීඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයින් දෙදෙනෙකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පසුව පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.
පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිසසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයින් 30 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදෙනොද සමගින් මෙම ආසාදිතයින් 28 දෙනා හඳුනාගෙන ඇත.
මේ අනුව අදාල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔවුන් සොයා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
