ඉතිහාසයේ වැඩිම කොවිඩ් මරණ ගණන අද වාර්තා වෙයි - 200 ට ආසන්නයි

By Sithumi Aug 20, 2021 04:52 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා මරණ ගණන අද වාර්තා වේ වාර්තාවේ. ඒ ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තාවයි. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා අසාදිත මරණ ගණන 195 ක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6985ක් ලෙසටයි. 

එම නිවේදනය පහතින්...

එමෙන්ම,අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2825 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1010 දෙනෙකු අදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

එමෙන්ම අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයින්ගේ සමස්තය 320,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.'

එමෙන්ම,delta ප්‍රභේදයේ විකෘති ප්‍රභේද ලෙස හඳුනා ගැනුණු ප්‍රභේද තුනම ආසාදිත රෝගියෙකු කොළඹ නගරයෙන් අද හඳුනාගෙන තිබේ.

එමෙන්ම ඉන් එක් ජාන විකෘතියක් ශ්‍රී ලංකාවටම ආවේණික වීමද විශේෂත්වයකි මේ බව විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවත්වන මහතා සඳහන් කරයි 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery